Loading...

පද වැලක් දිගේ

Rs 1,000.00

එක් පදයක් තෝරා ගෙන ඒ පදය දිගේ යමින් සිංහල ජන වහරේ විසිතුරු බව කියා පෑම මේ පොතේ අරමුණ යිි.
Describes how a single word can be used in many diverse and interesting ways in the Sinhala language, reflecting its cultural and everyday usage.
Add to Wishlist
Add to Wishlist
Author : Prof. J B DisanayakaNo of Pages : 168ISBN : 978-955-696-454-7 SKU: 9556964547 Categories: ,
Compare

Description

ඔබ නොයෙක් ‘ලිය වැල්’ හා ‘ගස් වැල්’ ගැන අසා ඇති. එහෙත් ‘පද වැල්’ ගැන අසා ඇද්ද ? ඉන් සමහරක් හමු වන්නේ ‘ගස් වැල්’ අතර ම යි. එදා ඉස්කෝලෙ දි දරුවන් වැඩි පුර ම බය වුණේ ‘වේ වැල් වලට’යි. ඉන් ලැබෙන ‘වේ වැල් කසාය’ නිසා යි. වේ වැලවලින් සැදෙන හොඳ ම බඩු භාණ්ඩ ගත හැක්කේ ‘වේ වැල් දෙණියෙන්’ ය. ‘ඇඹුල් දොඩම්’ හා ‘පැණි දොඩම්’ කකා සිටි අපට ‘වැල් දොඩම්’ හඳුන්වා දුන්නේ සුද්දන් ය. ඔවුන් එ් පලතුර හැඳින්වූයේ ‘පැෂන් ෆෘට්’ යන නමිනිි. ‘වැල් පෙනෙල’ වාජීකරණයක් සේ සැලකේ. ‘වැල් පෙනෙල සාකා – ගිතලෙන් මලවලා කා – අඹු නොතකන එකා – අඹුන් සියයක් වුවත් සලකා’ යැයි වෙද මහත්වරු ඇප වෙතිි.

ශරීරය පුරා ද නොයෙක් ‘වැල්’ දුවයිි ‘නහර වැල්’ ‘බඩ වැල්’ ආදිය මෙනිි. අලි ඇතුන්ට පමණක් ඇත්තේ ‘හො`ඩ වැල්’ යි. සුළං පහරින් වැල් සෙලවෙන නිසා දිය පාරකට උඩින් වැටුණු පාලම ද ‘වැල් පාලමක්’ සේ සැලකේ ‘කොඩි වැල්’ සුළඟට සෙලවේ. අගක් මුලක් නැතුව සමහරුන් කරන කතා ‘වැල් වටාරං’ සේ සරදමට ලක් වේ. එවැනි අවස්ථාවක ‘කියන දෙයක් කියාපං ඔය වැල් වටාරං නැතුව’ යැයි බොහෝ විට සරදමට ලක් වේ. සේ¥ ඇඳුම් වේලෙන්ට වනන්නේ ‘රෙදි වැල්වල’ යි රෙදි වැලක් යටින් යෑම පිරිමින්ට තහනම් යි.
වැල් අතුරින් රස ම වැල් ‘උඳු වැල්’ යි. බණ භාවනා කරන බෞද්ධයන්ට ‘නව ගුණ වැල්’ නැතුව ම බැරි ය. කාන්තාවන්ට ‘මුතු වැල්’ හා ‘හවඩි වැල්’ නැතුව ම බැරි යි. මේ දවස්වල දුප්පත් මිනිසුන් ඉන්නේ ‘වැලේ වැල් නැතුව’ බව නම් නොකියා ම බැරි යි.
මේ ආකාරයෙන් එක් පදයක් තෝරා ගෙන ඒ පදය දිගේ යමින් සිංහල ජන වහරේ විසිතුරු බව කියා පෑම මේ පොතේ අරමුණ යිි.

Reviews

There are no reviews yet.

Be the first to review “පද වැලක් දිගේ”

Your email address will not be published. Required fields are marked *

Quick Navigation
×
×

Cart