Loading...

කට වහරේ ගුණ සුවඳ

Rs 1,200.00

3 in stock

Add to Wishlist
Add to Wishlist
Auther : ජේ. බී. දිසානායකNo of Pages : 258ISBN : N/A Categories: , ,
Compare

Description

මිනිසා මුලින් ම ඉගෙන ගන්නේ කතා බහ කරන්නට මිස ලියන්නට නොවේ. එසේ වුවත් භාෂාවේ ව්යාකරණය ලෙස අප වැඩි වශයෙන් හදාරන්නේ ලියන බස හෙවත් ගත් වහර යි. කට වහරට ද වියරණයක් ඇතත්, කතා කිරීමේ දී භාවිත කෙරෙන රටා සමුදාය හෙළි පෙහෙළි කරන්නට වියරණඇදුරෝ අවධානය යොමු නොකළහ.
පුරා අඩ සියවසකට වැඩි කාලයක් මුළුල්ලේ සිංහල භාෂාව, ව්යාකරණය හා සිංහල ජන වහර විමර්ශනය කරමින් පතපොත ලිවීමේ නිරත ව සිටින සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක මහතාගේ අලූත් ම කෘතිය වන ‘කට වහරේ ගුණ සුවඳ’ කැප වී ඇත්තේ සිංහල කට වහරේ රටා සමුදාය හෙවත් වියරණය පොදු පාඨකයාට පමණක් නොව වියරණ ඇදුරන්ට ද හඳුන්වා දීමට යි.
කට වහරේ වියරණය සමග සිංහල කට වහරේ ජීව ගුණය ද පාඨකයාට විඳ ගැනීමට සලසන මේ කෘතිය නූතන වාග්විද්යාත්මක සිද්ධාන්ත අනුව සිංහල කට වහර විමර්ශනය කිරීමට දැරූ පුරෝගාමී පරයත්නයකි.
මහාචාර්ය සඳගෝමි කෝපරහේවා
සිංහල අංශ පරධාන
කොළඹ විශ්වවිද්යාලය

Reviews

There are no reviews yet.

Be the first to review “කට වහරේ ගුණ සුවඳ”

Your email address will not be published. Required fields are marked *

Quick Navigation
×
×

Cart