Loading...

අලුත් සිංහල හෝඩිය

Rs 750.00

සිංහල හෝඩියේ මෑතකාලීනව සිදු වී ඇති වෙනස්කම් පාසල් දරු දැරියන්ටත් ගුරු භවතුන්ටත් දැන ගැනීම සඳහා සරලව ඉදිරිපත් කිරීම මේ පොතේ අරමුණ යි.

Out of stock

Auther : ජේ. බී. දිසානායකNo of Pages : 114ISBN : 978-955-446-2 Categories: ,
Add to Wishlist
Add to Wishlist
Compare

Description

සිංහල භාෂාවේ පරිණාමයත් සමඟ සිංහල හෝඩියේ අක්ෂර සංඛ්‍යාව ද අකුරුවල හැඩ රුව ද වෙනස් විය.

අලුත් අකුරු හෝඩියට එකතු වූ අතර ඇතැම් අකුරු ව්‍යවහාරයෙන් ඉවත් විය. සිංහල හෝඩිය පිළිබඳ වාග්විද්‍යාත්මක හෙළි පෙහෙළි කිරීම් රැසක් සිදු කළ සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක මහතාගේ අලුත් ම පොත ‘අලුත් සිංහල හෝඩිය’ නමින් පළ වී ඇත. සිංහල හෝඩියේ මෑතකාලීනව සිදු වී ඇති වෙනස්කම් පාසල් දරු දැරියන්ටත් ගුරු භවතුන්ටත් දැන ගැනීම සඳහා සරලව ඉදිරිපත් කිරීම මේ පොතේ අරමුණ යි.

මේ පොතේ දැක්වෙන අලුත් සිංහල හෝඩියේ අකුරු ගණන 61කි. මෙතෙක් සිංහල හෝඩියට එක් නොවුණු ‘ඥ’ අකුරත් කෙටි හා දික් සංවෘත
‘අ’ යන්නත් එකතු කොට ඇති අතර භාවිතයේ නොමැති ‘ඏ’, ‘ඐ’ අකුරු ඉවත් කොට ඇත. සිංහල හෝඩියට අයත් අකුරු යෙදෙන සැටි කතුවරයා නිදසුන් සහිතව පැහැදිලි කර ඇත්තේ කවි හා ගීත ඇසුරිනි. සිංහල අක්ෂර මාලාවේ කාලීන වෙනස්කම් පිළිබඳව ගවේෂණය කරන විද්‍යාර්ථීන්ට ද එම විෂය ගැන උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ට ද මේ පොත ප‍්‍රයෝජනවත් මූලාශ‍්‍රයකි.

සඳගෝමි කෝපරහේවා
කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය

Reviews

There are no reviews yet.

Be the first to review “අලුත් සිංහල හෝඩිය”

Your email address will not be published. Required fields are marked *

Quick Navigation
×
×

Cart