Loading...

මාලදිවයින් බස – අද සහ එදා

Rs 850.00

මාලදිවයින් බස – අද සහ එදා
ජේ. බී. දිසානායක
‘මාල දිවයින’ හෝ ‘මෝල්ඩිව්ස්’ (Maldives) යැයි කී විට අපට එක්වර ම සිහි පත් වන්නේ උම්බලකඩ ය. මාල දිවයිනට ම සුවිශේෂ වුණු උම්බලකඩ හැඳින්වීමට ඉංගිරිසියෙන් යෙදෙන්නේ ‘Maldive fish’ (මෝල්ඩිව් ෆිෂ්) යන නම යි. එහෙත් එරට වැසියන්සි ය රට හඳුන්වා ගන්නේ ‘දිවෙහි රාජ්ජෙ’ කියා ය. එහි වැසියන්ට ‘දිවෙහින්’ කියාත් ඔවුන්ගේ බසට ‘දිවෙහි බස’ කියාත් යෙදේ.
මෙය දිවෙහි බස පිළිබඳව සිංහලයෙන් ලියවෙන පළමුවෙනි පොත යි. භාෂා ද මිනිසුන් මෙන් පවුල්වලට අයත් වේ. ලෝකයේ විශාල ම භාෂා පවුල ‘ඉන්දු යුරෝපීය භාෂා පවුල’යි. ඊට අයත් භාෂා ඉන්දියාවෙහිත් යුරෝපයෙහිත් භාවිත වේ. එහි එක් ශාඛාවක් ‘ඉන්දු-ආර්ය භාෂා’ යන නමින් හැඳින්වේ. මේ භාෂා වැඩි හරියක් භාවිත වන්නේ උතුරු ඉන්දියාවෙහි ය. හින්දි, ගුරජාටි, මරාටි, සින්ධි, පන්ජාබි, කාශ්මීරි, ඇසමීස් හා වංග යන භාෂා මෙනි.
ඉන්දු-ආර්ය භාෂා දෙකක් භාවිත වන්නේ ඉන්දියාවෙන් පිට ය. එනම්, සිංහලය
හා දිවෙහි බස යන භාෂා දෙක යි.මේ භාෂා දෙක සෙසු ඉන්දු-ආර්ය භාෂාවලින්වෙ නස් වන්නේ ඉන්දියා මහ ද්වීපයෙන් ඈත් වී වැඞීමේ හේතුවෙනි. සිංහලය හා දිවෙහි බස අතර පවතින නෑ සබඳකම කුමක් ද? ඒ භාෂා දෙක එක ම මාතෘ භාෂාවක දුහිතෘ භාෂා දෙකක් ද, එසේ නැතහොත් දිවෙහි බස සිංහලයෙහි දුහිතෘ භාෂාවක් ද යන පරශ්නය මතු වේ. මෙහි කතුවරයා පෙන්වා දෙන්නේ සිංහලය දිවෙහි බසේ මාතෘ භාෂාව බව යි.
දිවෙහි රාජ්ජෙ පැරණි ම බස් වහර හමු වන්නේ දොළොස්වෙනි සියවසෙහි ලියවුණු ‘දබිදු ලෝමාෆානුව’ නමැති තඹ සන්නසෙහි ය. මේ තඹ සන්නස මුල් වරට කියවා, ඉංගිරිසි අකුරට හරවා, ඉංගිරිසියට පරිවර්තනය කිරීමේ භාග්යය ලැබුණේ මහාචාර්ය හේමපාල විජේවර්ධන මහතාටත් මටත් ය. මේ තඹ සන්නසෙහි ඇත්තේ දොළොස්වෙනි සියවසට පෙර භාවිත වුණු දිවෙහි බස යි. එබැවින් මේ පොතට ‘මාල දිවයින් බස : අද සහ එදා’ යනුවෙන් නම් කෙරිණ. මේ පොත කියවීමෙන් ඔබට බස ඔස්සේ සියවස් ගණනාවක් අතීතයට යා හැකි ය.
– ජේ. බී. දිසානායක

6 in stock

Add to Wishlist
Add to Wishlist
Author : ජේ. බී. දිසානායක No of Pages : 160ISBN : N/A Category:
Compare

Additional information

Weight 200 g

Reviews

There are no reviews yet.

Be the first to review “මාලදිවයින් බස – අද සහ එදා”

Your email address will not be published. Required fields are marked *

Quick Navigation
×
×

Cart