Loading...

සිදත් සඟරා වියරණ රටා

Rs 500.00

Add to Wishlist
Add to Wishlist
Auther : ජේ. බී. දිසානායකNo of Pages : 272ISBN : N/A Categories: ,
Compare

Description

අපේ පැරණි ම සිංහල ව්‍යාකරණය වන සිදත් සඟරාව අලළා ලියවුණු සංස්කරණ, ව්‍යාඛ්‍යාන, සන්න හා ගැටපද රාශියක් තිබිය දී තවත් විමර්ශනයක් සැපයීමට සිතුවේ කරුණු කීපයක් නිසා ය.   

පළමුව, මෙය මුළු මහත් සිදත් සඟරාව ම අලළා කෙරෙන විමසුමක් නොවේ. එය එහි එන ව්‍යාකරණය හා බැඳුණු මුල් පරිච්ඡේද 10 ට පමණක් සීමා වේ. ඒවායෙහි ඉදිරිපත් කොට ඇති වියරණ රටා පමණක් ඉස්මතු කොට, ඒවා නූතන පාඨකයාට වටහා ගත හැකි වන අයුරින් නූතන සිංහලයෙන් ඉදිරිපත් කිරීම මෙහි මූලික අරමුණ යි.

පැරැන්නන් මේ කෘතිය අගය කළේ එය කව් ලැකියෙන් ම ලියවුණු පළමු වියරණය වූ බැවිනි. කව් ලැකියෙන් ම ලියවුණු නිසා මෙහි එන හැම නිදසුනක් ම පාහේ කට පාඩමෙන් කීමට එදා විසූ  වියතුන්ට මෙන් ම දුහුනන්ට ද හැකි විණ.

මෙහි එන නිදසුන් බොහොමයක් බුදු දහමටත් බුදු සසුනටත් සම්බන්ධ වේ. එබැවින් මේ වියරණය බෞද්ධ ව්‍යාකරණයක මුහුණුවර ද දැරුවේය. මේ වියරණය හදාළ ආධුනිකයා ලබා ගත්තේ හුදෙක් ව්‍යාකරණය පිළිබද දැනුමක් පමණක් නොවේ. ගුණ යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය බෞද්ධ උපදේශ ද ඉන් ඔහුට ලැබිණ. මා දන්නා විදියට ව්‍යාකරණයත් බුද්ධ ධර්මයත් මනාව සංයෝග කොට රචිත එක ම ව්‍යාකරණය මෙය යි.

මෙහි එන පද පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වන පරිදි ඒ පදත් ඒවාට අනුරූප තත්සම පදත්  වෙන ම සංග්‍රහ කොට ඇත. එහි ආ නාම පද එකොළොස්වෙනි පරිච්ඡෙදයෙහි ද කිරිය පද දොළොස්වෙනි පරිච්ඡෙදයෙහි ද ඇතුළත් වේ. 

මෙහි කතුවරයා කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ සම්මානිත මහාචාර්යවරයෙකි.                 

Reviews

There are no reviews yet.

Be the first to review “සිදත් සඟරා වියරණ රටා”

Your email address will not be published. Required fields are marked *

Quick Navigation
×
×

Cart