Loading...

බැද්දේගම – රසාස්වාදය හා විචාරය​

Rs 400.00

Add to Wishlist
Add to Wishlist
Auther : ප්‍රදීප් කරුණාරත්නNo of Pages : 216ISBN : N/A Categories: ,
Compare

Description

හිරැ නො බසින අධිරාජ්යය වශයෙන්‌ හඳුන්වනු ලැබූ බ්රිතාන්ය අධිරාජ්යයේ යටත්‌ විපිතයක්‌ වූ ලංකාවට, කලින්‌ කල ආ ඉංගිරිසි පාලකයන්‌ අතුරින්‌ කිහිප දෙනෙක්‌ සහෘදයෝ ද ලේඛකයෝ ද වූහ. ‘ලෙනාඩි වුල්ෆ්‌’ (Leonard Woolf) චවැන්නෙකි. ආණ්ඩුවේ ඒජන්ත පදවිය හොබවමින්‌ කලක්‌ හම්බන්තොට විසූ ඔහුට මෙරට වැසියන්ගේ දුක්‌ ගැනවිලිවලට කන්‌ දීමට සිදු විය. සියුම්‌ හදවතක්‌ සහිත ඔහු, මේ දුක්‌ ගැනවිලිවලට කන්‌ දුන්නේ හුදෙක්‌ රාජ්ය පරිපාලකයකු වශයෙන්‌ පමණක්‌ නො ව, මිනිස්‌ සිත්‌ හඳුනන සහෘදයකු වශයෙනි.
මේ අත්දැකීම්‌ අළලා ‘ද විලේජ්‌ ඉන්‌ ද ජංගල්‌’ (The Village in the Jungle) යනුවෙන්‌ ඔහු ඉංගිරිසියෙන්‌ ලියූ නවකතාව පසු ව ‘බැද්දේගම’ යනුවෙන්‌ සිංහලට නැගිණ. එය සිංහට නැගූ චී. පී. ගුණරත්න මහතා සිය කාර්යය කොතරම්‌ මැනච්ින්‌ ඉටු කළේ ද යත්‌, නවකතාව කියවන කිසිදු පාඨකයකුට චය පරිවරිතනයක්‌ යැයි මොහොතකටවත්‌ නො සිතේ. පසු ව සිනමාවට ද නැගුණු මේ කෘතිය සිංහල සාහිත්ය හදාරන්නන්ගේ නිරිදිෂ්ට ග්රන්ථයක්‌ බවට ද පත්‌ විණ.
මෙය සාර්ථක නවකතාවක්‌ වශයෙන්‌ විචාරකයෝ පිළිගනිති. එසේ වන්නේ කවර හේතු සාධක නිසා ද? චයින්‌ මතු වන පීචන දෘෂ්ටිය කොතෙක්‌ ළුරට අර්ථාන්විත ද? චහි එන කතා වස්තුව කොතෙක්‌ දුරට තාත්වික ද? එහි චන චරිත නිරෑපණය කොඉළනෙක්‌ දුරට විශ්වසනීය ද? එහි උපයුක්ත භාෂා ශෛලිය කොතෙක්‌ දුරට සින්‌ ගන්නා සුළු ද? අවුරැදු ගණනාවක්‌ සිංහල ගුරැවරයකු වශයෙන්‌ සේවය කරන ප්රදීප්‌ කරුණාරත්න මහතා විභාගයට සූදානම්‌ වන දුරුචන්ගේ ප්රයෝජනය සඳහා විධිමත්‌ ව ලියා ඇති මේ පොත ගුරැ-සිසු දෙපක්ෂයට පමණක්‌ නො ව පොදු පාඨකයන්ට ද මහඟු අත්වැලක්‌ වෙයි.
සම්මානින මහාචාරිය ජේ.බී. දිසානායක

Reviews

There are no reviews yet.

Be the first to review “බැද්දේගම – රසාස්වාදය හා විචාරය​”

Your email address will not be published. Required fields are marked *

Quick Navigation
×
×

Cart