පුංචි අපට සිංහල 5 – ‘ළ’ යොදන හැටි
Rs 300.00
Introducing the set of rules for the use of Sinhala letterer -LA – to children with rhyming lyrics to make them enjoy learning it. The book also include a detail list of words that use the letter – LA –
5 in stock
CompareDescription
සිංහල අක්ෂර මාලාවෙහි එන අකුරු දෙකක් හැඳින්වෙන්නේ පහත දැක්වෙන නම්වලිනි.
දන්තජ ල
මූර්ධජ ළ
ඉස්සර කාලයෙහි දී මේ අකුරු දෙක කියෙව්වේ වෙනස් ශබ්ද දෙකක් හැටියට ය. ඒ වුණත්් අද මේ ශබ්ද දෙක කියවෙන්නේ එක ම විදියට ය. ‘මල’ හා ‘මළ’ යන පද දෙක අද සිංහල අපේ කටින් පිට වන්නේ එක ම හඩක් හැටියට ය. ඔබ පහත දැක්වෙන කියුම් කියවා බලන්න. ල-යන්න හා ළ-යන්න යන අකුරු දෙක ම කියවෙන්නේ එක ම හ`ඩින් නේ ද ?
මල – මල පිපෙනවා පිච්ච මල පුවක් මල
මළ – මළ ගෙදර මළ මිනිය මළ බත්
කතා කරන විට මේ අකුරු දෙක ම කියවෙන්නේ එක ම විදියට වුණත් ලියන විට ඒ අකුරු වෙන් වෙන් වශයෙන් ලිවීම සිංහල ලේඛකයන්ගේ සිරිත යි. ඒ නිසා ල-යන්න යෙදෙන පදත් ළ-යන්න යෙදෙන පදත් වෙන් වෙන් වශයෙන් ඉගෙන ගැනීම වැදගත් ය. මේ පෙතේ අරමුණ ළ-යන්න යෙදෙන පද සමහරක් උදාහරණ ඇතිව හඳුන්වා දීම යි. ඒ ඒ පද ගායනා කිරීමට පුඵවන් විදියට කවියට න`ගා ඇත. එවිට ඒ පද ලේසියෙන් මතක තබා ගැනීමට හැකි වනු ඇත.
පුංචි ඔබත් මේ පද නිවැරදිව ලියන හැටි ඉගෙන ගෙන හොඳ ලේඛකයෙක් වන්න.
Additional information
| Weight | 124 g |
|---|


Reviews
There are no reviews yet.